සුපිරි වෙළද සෑලේ ගුටි කෑ කාන්තාව ගැන සියල්ල හෙළි වෙයි | අම්මෝ මාර කෙල්ලක්

Sunday, 24 September 2023

 


ශ්‍රී ලංකාව, ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා යන ගමනේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළිදීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

සාමකාමී විරෝධතා මගින්, කලා නිර්මාණ ඔස්සේ සිදු කරන ප්‍රකාශන මගින් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශන මගින් අදහස් ප්‍රකාශ කිරීම සිදු විය හැකි බව ඇය පෙන්වා දුන්නාය.

ජාත්‍යන්තර සාම දිනය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභා ශාලාවේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඇය මෙම අදහස් පැවසුවාය.මෙම උත්සවය අධිකරණ අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබිණ.

ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ශ්‍රී ලංකාවේ ඇති වීම පිළිබඳව මෙන්ම නව්‍යකරණයෙන් රට ගොඩ නැගීම පිළිබඳව දැඩි බලාපොරොත්තුවක් සියලු දෙනාටම තිබෙන බවත් එසේම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් දූෂණයට එරෙහි වීම සඳහා ක්‍රමානුකූල වෙනසක් පද්ධතිය තුළ සිදු වෙතැයි සියලු දෙනාම දැඩි බලාපොරොත්තුවකින් පසුවන බවත් ජූලී චන්ග් මහත්මිය පෙන්වා දුන්නාය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චංග් මහත්මියගේ සහභාගිත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී ඊයේ(22 ) පෙරවරුවේ පැවැත්විණ.

සාමය ලෝකයටම වැදගත් කරුණක් බවත් සාමය, සංහිඳියාව ඇති කළ යුත්තේ ග්‍රාමීය මට්ටමේ සිට බවත් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.ඒ හේතුවෙන් මේ වන විට සියලු ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි සංහිදියා කමිටු 14022 ස්ථාපිත කර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.



0 comments:

Post a Comment

Kategori Iklan